1948 වසරේ සිට ඔලිම්පික් තරග නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් සම්මානයෙන් පිදීමේ උපහාර උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
2017 වසරේ පැවැත්වෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රීලංකා ඔලිම්පික් සංගමය විසින් මෙය සංවිධානය කර තිබූ අතර ඔලිම්පික් තරග නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 41 දෙනෙක් මෙහිදී ජනාධිපතිතුමා අතින් රන් සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්රරකාශ කළේ ජාතියේ ගෞරවය සහ කීර්තිය ලෝකය හමුවට ගෙන ගිය ක්රීරඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලැබීම පිළිබද තමා සතුටුවන බවයි.
ඕනැම ක්ෂේත්රයක දක්ෂයින් සහ විශිෂ්ටයින් ඇගයීම ඔවුන්ට කරන ගෞරවයක් සේම ජාතියේ යහපත සදහා කෙරෙන කටයුත්තක් ද බව ජනාධිපතිතුමා පැවසීය.
එමෙන්ම මාතෘ භූමියේ කීර්ති නාමය ලෝකය හමුවට ගෙන ගිය අපගේ ක්‍රීඩක ක්රීරඩිකාවන්ගේ දක්ෂතාවයන් හැකියාවන් සහ දැනුම, බුද්ධිය මෙන්ම අත්දැකීම් සමාජයට දායාද කරමින් හෙට උපදින මතු පරපුරට මග පෙන්වීම සදහා පුලුල් වැඩපිළිවෙළක වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මෙම සියලූදෙනාගේ ඉදිරි සුබසාධනය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. ඔලිම්පික් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් හැත්තෑ දෙදෙනෙකු දැනට ජීවතුන් අතර සිටිති.
ඔවුන් වෙනුවෙන් පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයට රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
Add Comment