රේගු දෙපාර්තමේන්තුවේ III වන ශ්‍රේණියේ රේගු නියාමක තනතුරට ආධුනිකයින් බඳවා ගැනීමේ විභාගය 29දා

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ III වන ශ්‍රේණියේ රේගු නියාමක තනතුරට ආධුනිකයින් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2017 විභාගය ලබන 29 වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 34කදී මෙම විභාගය පැවැත්වේ.

විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් වෙත මේ වන විට විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කර යවා තිබේ. ඒ පිළිබඳ යම් විසීමක් ඇතොත් පහත දූරකතන අංකයන් ඇමැතීමට කටයුතු කළ හැකි.

දූරකතන අංක 0112785230/0112177075
ක්ෂණික ඇමතුම් – 1911 (පැය 24 පුරා)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top