ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු ගැන බලපෑම් කරනවා – Paul Scully

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු සම්බන්‍ධයෙන් බලපෑම් එල්ල කරන බව බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව සඳහා වූ සමස්ත පාර්ලිමෙන්තු කණ්ඩායම් නායක පෝල් ස්කැලි Paul Scully මහතා පවසා තිබේ.

ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල කරන බවත්, ශ්‍රී ලංකාවේ ජීවත් වෙන දෙමළ ජනතාවට සහාය ලබා දෙන බවද හෙතෙම පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු පිළිබඳව රජය මන්දගාමීව ක්‍රියාත්මක වන බව එක්සත් ජාතීන් සංවිධානය පිළිගෙන ඇති බවත්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විවාදයක් පැවැත්විය යුතු යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top