නල්ලූර් වෙඩි තැබීමේ සිද්ධිය – භාර වූ සැකකරු රිමාන්ඩ්

යාපනය නල්ලූර් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුව ලබන 8 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස යාපනය විනිසුරු එස්. සදීස්වරන් මහතා නියෝග කර තිබේ.

අද දින පොලිසිය විසින් සැකකරු සැඟවී සිටි ස්ථානයට ද ඔහුව රැගෙන ගොස් විමර්ශණ කටයුතු සිදු කළේය.

මේ අතර, පොලිසිය කළ විභාග කිරීමේදී, තම මස්සිනා (සිද්ධිය සම්බන්‍ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්වූ පුද්ගලයා) පොලිස් නිළධාරියාගේ ( විනිසුරුවරයාගේ ආරක්‍ෂක නිළධාරි) තුවක්කුව උදුරා ගන්නට පුළුවන් දැයි අභියෝග කළ බවත්, එම නිසා තමන් එය උදුරාගත් අවස්ථාවේ අත් වැරදීමකින් වෙඩි ප්‍රහාරය එල්ල වූ බවට ප්‍රකාශයක් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top