කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණයට දින 10කින් නිසි පිළිතුරක් ලබා දෙනවා – සම්බන්‍ධන්

කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධයෙන් තවත් දින දහයකින් නිසි පිළිතුරක් ලබා දෙන බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ඊයේ (26) දින පැවැති සාකච්ඡාවේදී, කේප්පාපිලවු ජනතා නියෝජිතයන් වෙත සම්බන්‍ධන් මහතා මේ බව පවසා සිටියේය.

ඉකුත් ඉඩම්වල රැඳී සිටින හමුදාව එම ඉඩම්වලින් ඉවත්වීමට එකඟත්වය පළ කර ඇති බවත්, ඒ සඳහා මුදල් වෙන්කර ඇති බවත්, ලබන දෙසැම්බර් මාසය දක්වා කාලය ලබා දෙන ලෙස මෙම සාකච්ඡා හමුවට සහභාගිවූ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා ඉල්ලා තිබේ.

නමුත්, ජනතා නියෝජිතයන් එය පිළිනොගත් තත්වයක, තව දින දහයකින් මේ සම්බන්‍ධයෙන් නිලි පිළිතුරක් ලබා දෙන බව විපක්‍ෂ නායක සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top