මයුරන්ගේ ධූර කාලය අදින් අවසන්

උතුරු පළාත් සභාවේ Rotation method ක්‍රමයට ආසනයක් ලබාගත් සෙන්දිල්නාදන් මයුරන්ගේ ධූර කාලය අදින් අවසන්වීමත් සමඟ ඔහු සභාවෙන් පිටත්ව ගියේය.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය ලබාගත් බෝනස් ආසනය Rotation method ක්‍රමයට සන්ධානගත පක්‍ෂයන් අතර ලබාදී මන්ත්‍රීවරුන් පත් කෙරුණි. ඒ අනුව තෙවන මන්ත්‍රීවරයා ලෙස ටෙලෝ පක්‍ෂයේ සෙන්දිල්නාදන් මයුරන්ව වව්නියාව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පත්කර තිබුණි. ඔහුගේ ධූර කාලය අදින් අවසන්වීමත් සමඟ ඔහු සභාවෙන් පිටත්ව ගියේය.

එහිදී අදින් තම මන්ත්‍රී ධූර කාලය අවසන්වූ නමුත් වව්නියා දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් අමාත්‍යවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සමඟ එක්වී කටයුතු කරන බව හෙතෙම පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top