සාවකච්චේරිය ප්‍රදේශයේ දුම්රියට ගැටී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) සාවකච්චේරිය සංගත්තානයි ප්‍රදේශයේදී අද පස්වරු 2ට පමණ සිඳුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. සාවකච්චේරියේ පිහිටි තම ඥාතියකුගේ නිවසට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියට ගැටී මෙලෙස මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයා පන්ඩතරිප්පු ප්‍රදේශයේ පදිංචි සිංගාරම් සිවසෙල්වම් (වයස 50) බව හඳුනාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top