යාපනයේ කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහරදීමක්

යාපනයේ කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට ඊයේ (30) දින සවස නාඳුනන පිරිසක් විසින් පහරදී තිබේ. කොක්කුවිල් නන්තාවිල් මාර්ගයෙන් ගමන් කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනා වෙත එම මාර්ගයෙන් යතුරු පැදිවලින් පැමිණි දහයකට අධික පිරිසක් විසින් මෙලෙස පහරදී තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරින්ව යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.

මේ අතර, මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් නිලධාරින් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව යාපනය රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top