SRILANKAN NEWS

පෝය සහ ඉරිදා දින ටියුෂන් තහනම්

පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබදව පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මහරගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

රටේ සියලුම දරුවන් දහම් පාසල් සඳහා යොමු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවත්, මේ සම්බන්ධව ‍මහා සංඝරත්නය ආගමික නායකයින්ගෙන් ද උපදෙස් ලබා ගත් බවද හෙතෙම පවසා තිබේ.

අධ්‍යාපනයෙන් දරුවන් කෙතරම් ඉහළට ගියත් ඔවුන් ගුණ ධර්මවලින් පෝෂණය වී නොමැති නම් ඔවුන් ලැබු අධ්‍යාපනය ජාතියට නිසි පරිදි ගලා ගෙන නොයන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.