නියඟය හේතුවෙන් මුල්ලතිව්හි පවුල් 30 දාහක් පීඩාවට

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 30 දාහක් පීඩාවට පත්වී ඇති බව මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම් රූපවදී කේදීස්වරන් මහත්මිය පවසයි. මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණ තත්වය සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් ඇය මේ බව පවසා සිටියේය.

නියඟය හේතුවෙන් පීඩාවට පත්වී සිටින පවුල් 10 දාහකට කඩිනමින් සහන ලබාදිය යුතුව තිබෙන බවත්, මේ සම්බන්‍ධ තොරතුරු සියල්ල කොළඹට යවා ඇති අතර, කොළඹින් ලැබෙන සහනාධාරය පීඩාවට පත් ජනතාවට බෙදාදීමට මුල්ලිතිව් දිස්ත්‍රික්ක ආපදා කලමනාකරන අංශය සූදානමින් සිටින බවද ඇය පවසා සිටියේය.

පානීය ජල ගැටළු පවතින ප‍්‍රදේශවලට ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල මගින් ජලය ලබාදීමේ කටයුතු පවත්වාගෙන යන බවද ලේකම්වරිය වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top