සංචාරයක නිරත තුර්කි හිටපු අගමැති සහ විදේශ ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් දව්ටොග්ලු (Ahmed Davutoglu) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (07) පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන මිත්‍රශීලී සබඳතා පිළිබදව අවධානය යොමු කෙරිණි. ආචාර්ය අහමඩ් දව්ටොග්ලු මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top