SRILANKAN NEWS

උතුරු පළාත් සභාවේ උණුසුම් තත්වයක්

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් නව සභාපති ඩී.එම්. අමරතුංග මහතාට විරෝධය පළ කිරිමත් සමඟ අද උදෑසන පැවති උතුරුමැද පළාත් සභාවේ සභා වාරයේදී උණුසුම්කාරි තත්වයක් ඇතිවුණි.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළදගෙන සභාවට පැමිණි අතර, හිටපු පළාත් සභා අමාත්‍ය කේ එච් නන්දසේන මහතා සභාව අමතමින් කියා සිටියේ උතුරු මැද පළාත් සභාවේ සභාපති ඩී එම් අමරතුංග මහතාගේ පත්වීම නීති විරෝධී පැවැසීමත් සමඟ සභාව තුළ නොසන්සුන් තත්වයක් ඇතිවුණි. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස කලහකාරී ලෙස හැසිරෙමින් පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ගිනි තබා සභාවෙන් පිටව ගොස් තිබේ. සභාව ලබන 22වනදා දක්වා කල් තබා තිබේ.