උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි. වී. විග්නේෂ්වරන් මහතා තමාට විවිධ චෝදනා එල්ලකරමින් අමාත්‍ය ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් එම පීඩනයන් හමුවේ තවදුරටත් අමාත්‍යධූරයේ සිටීමට නොහැකි බව පවසමින් ඉල්ලා අස්වීමටත් තිරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තමාගේ චරිත ඝාතනය සදහා ප්‍රධාන අමාත්‍යවරයා ක්‍රියාකරමින් සිටින බවත් තවදුරටත් එයට එරෙහිවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවත් ඔහු පවසයි.

තම ගැටලු පිළිබඳ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවේ සේනාධිරාජා මහතා සහ දෙමළ ජාතික සන්ධානය නායක ආර්. සම්බන්දන් මහතා දැනුම්වත් කොට මෙම තීරණයට එළැඹි බව ද ඔහු සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top