අධිවේගී මාර්ගවල ධාවනය වන ගිලන් රථ සදහා මුදල් අය නොකිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

අධිවේගී මාර්ගවල ධාවනය වන ගිලන් රථ සදහා මුදල් අය කිරීමකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව ලබාදීමේ යෝජනාවක් සහිත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පුත්තලම මුලික රෝහලේ ඊයේ (07) සිදූ කළ නිරික්ෂණ චාරිකාවකින් පසු පැවැති සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම සාකච්ඡාවට එක්ව සිටි පුත්තලම රෝහලේ කාර්ය මණ්ඩලය පෙන්වා දූන්නේ හදිසි රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී ගිලන් රථ ධාවනයට අධිවේගී මාර්ගය භාවිත කරන බවයි.

එහිදී අධිවේගී මාර්ග ගාස්තුව ගිලන් රථයේ ගමන් ගන්නා සෞඛ්‍ය සේවකයින්ට ගෙවීමට සිදූව ඇති බව ඔවුන් පෙන්වා දූන්හ. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස සළකා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර අවසන් තීරණයක් ගන්නා බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top