SRILANKAN NEWS

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා කිලිනොච්චියේ උද්ඝෝෂණයක්!

කිලිනොච්චියේ දේශපාලන සිරකරුවන් වන නිමලරූබන්, ඩිල්රුක්ෂන් යන දෙදෙනා බන්‍ධනාගාරයේදී ඝාතනයට ලක්වී වසර පහක් ගතවීම, හා දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර කන්දසුවාමි කෝවිල ඉදිරිපිට අද (8) දින උද්ඝෝෂණයක් පවත්වා තිබුණි.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය අතුරුදනවූවන්ට සාධාරණයක්, හමුදා කඳවුරු ඉවත් කිරීම, ඉඩම් නිදහස් කිරීම, දේශපාලන විසඳුම වැනි කරුණු අවධාරණය කර පැවැත්වූහ.

බන්‍ධනාගාරය තුළ ඝාතනයට ලක්වූවන්ට පිළිතුර කුමක් ද? දේශපාලන සිරකරුවන්ට නිදහස නැද්ද? අතුරුදන්වූවන්ට පිළිතුර කුමක් ද? ජනතා ඉඩම්වලින් හමුදාව ඉවත්වනු!, ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කරනු! රටේ පවතින්නේ යහපාලනයක් ද? වැනි සටන් පාඨ ඉදිරිපත් කරමින් ඔවුහු උද්ඝෝෂණයෙහි නිරතවූහ.