බංග්ලාදේශ මහකොමසාරිස් සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලාහ් මහතා (HE Mr. Riaz Hamidullah)ඊයේ (09) ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

මෙම සුහද හමුවේ දී බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර ද්විපාර්ශවිය වශයෙන් දෙරටට වැදගත් කරුණු රැසක් සාකච්ඡා විය. හමුව අවසානයේ සුහදතාව පළකරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.

මේ අවස්ථාවට බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු අස්ලම් පාර්වේස් මහතාද (Commodore Aslam Parvez) සහභාගි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top