අපි අවුරුදු ගාණක් කියපු දේ නොර්වෙජියානු විශේෂඥයත් කියනවා – සමන්ත විද්‍යාරත්න

තමන් ඇතුළු බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණත්, පරිසරවේදීන් ඇතුළු බොහෝ පිරිසකුත් වසර ගණනාවක සිට අවස්ථා 300කට වැඩි වාර ගණනකදී කියූ කාරනයම උමා ඔයේ ජලය ගෙනයාම සඳහා ඉදිකළ උමග පිළිබඳ පරීක්ෂණය කිරීම සඳහා පැමිණි බෙනට් ඇගර්ට් නම් නෝර්වේජියානු විශේෂඥයාද ප්‍රකාශකර ඇති නමුත් ඔහු සිය වාර්තාවෙන් එක් කරුණක් සඟවා ඇතැයි බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

පසුගිය 06වනදා හාලිඇල විදුර අධ්‍යාපන ආයතනයේදී බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු අනාවරණය කර සිටියේ බෙනට් ඇගර්ට් මහතාගේ වාර්තාවේ සඳහන්ව ඇති විශේෂම කරුණ වන්නේ උමගේ භූතලයේ වැස්ම සඳහා යොදාගන්නා සිමෙන්තිවලට වඩා ශක්තිමත් සිමෙන්ති වර්ගයක් යොදාගත යුතු බවයි. එසේනම් මෙතෙක් දුරක් උමග ගොවි බිමි, වැව්, ඇල දොල, කඳු, දිය ඇලි, ගම්මාන පසුකමින් පැමිණ ඇත්තේ දුරුවල සිමෙන්ති තට්ටුවක් යොදමින් බවත් ඒ අනුව තත්වය බරතල වන බවත් එය මෙම වාර්තාවේ සඳහන් කර නැති බවත්ය.

එමෙන්ම උමගේ ඇති ඉතිරි කොටසට කැණීමට ශක්තිමත් සිමෙන්ති වර්ගයක් යොදාගන්නැයි ඔහු යෝජනා කර ඇති බවත් ඒ අනුව ඔහු කියා ඇත්තේ නිසි පරිසර බලපෑම් අධ්‍යනයකින්, ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සකස්කළ වාර්තා අනුව කැණීම් සිදු කළ උමග දිගටම සිදු කරණ ලෙසත් යැයිද එය මෙම වාර්තාවෙන් සඟවා ඇතැයිද සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

එමෙන්ම උමං කැණීමේදී ගල් සහිත, පස් සහිත, වැලි සහිත, මඩ සහිත, ජනගහනය බහුල ආදී ප්‍රදේශවල කැණීම් සිදු කිරීමේදී ඒ ඒ ස්ථානවලට ගැලපෙන ලෙස කැණීම් සිදු කරන යන්ත්‍ර භාවිතා කළ යුතු බව මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව සඳහන් කරන සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ උමා ඔය උමග කැණීමේදී විවිධ ස්ථානවල පසේ ස්ථර විවිධ ස්වභාවයන් ගන්නා නමුත් ඒ සඳහා එකම යන්ත්‍රයක් භාවිතා කිරීමද බරපතල කාරණයක් බවයි.

– ලංකා ටෘෘත් –

https://www.facebook.com/samanthaviddyarathna14/videos/672819806250672/

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top