SRILANKAN NEWS

යාපනයේ දූපත් අතර මගී ප්‍රවාහනයට නාවික හමුදාවේ සහාය

jaffna-gtn යාපනයයාපනය අර්ධද්වීපයේ දූපත් ආශ්‍රිතව ආරක්ෂිත මගී ප්‍රවාහනය විධිමත් කිරීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තාවේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව යාපනය දූපත් ආශ්‍රිත ජැටි සහ අවශ්‍ය ගොඩනැඟිලි ඉඳි කිරීම සඳහා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.

– Global Tamil News : Sinhala