SRILANKAN NEWS

ලබන පාසැල් වරයේ දි උසස්පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දිමට පියවර

උසස්පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දිම ලබන පාසැල් වරයේ දි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පසුගිය අයවැය යෝජනාවෙන් ඉදිරිපත් කළ පරිදි ටැබ් පරිගණක ලබාදීම හා සෑම පාසැල් සිසුවෙකුටම රුපියල් ලක්ෂ 2ක රක්ෂණාවරණයක් ලබා දීමේ වැඩපිළිවල ලබන පාසල් වාරයෙන් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ගුරුවරුන් විසි අට දහසකට සහ සිසුන් එක් ලක්ෂ හැත්ත පන් දහසකට ටැබ් පරිගණක ලබාදීමට නියමිතය.