උතුරු පළාත් ඇමැති ටෙනිස්වරන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි – ටෙලෝ නායකත්ව මණ්ඩලය තිරණ කරයි..

උතුරු පළාත් සභාවේ ප්‍රවාහන කටයුතු ඇමැති පී. ටෙනිස්වරන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ (ටෙලෝ) නායකත්ව මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ඊයේ (12) දින වව්නියාවේදී රැස්වූ එම පක්‍ෂයේ ප්‍රධානීන් මෙම තීරණය ගත් බව එහි ලේකම් ශ්‍රීකන්දා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය.

උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතාට එරෙහිව පසුගිය සති කිහිපයකට පෙර ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් පී. ටෙනිස්වරන් ද අත්සන් තබා තිබුණි. එය ටෙලෝ පක්‍ෂයේ උපදෙස් අනුමැතියකින් තොරව ඔහු විසින්ම අත්තනෝමතිකව කළ ක්‍රියාවක් බැවින් එය ගැන පක්‍ෂය ඔහුගෙන් ප්‍රශ්ණ කර ද තිබුණි.

මෙවැනි තත්වයකදී ටෙලෝ පක්‍ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත පක්‍ෂ එක්වී දෙ.ජා.ස. නායක ආර්. සම්බන්‍ධන් මහතා හා උතුරු පළාත් මහ ඇමැතිවරයා සමඟ පසුගිය සතියේ යාපනයේදී කළ සාකච්ඡාවලට අනුව උතුරු පළාත් සභා අමාත්‍යංශය යළි ස්ථාපිත කිරීම සඳහා ටෙනිස්වරන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින බවද ශ්‍රීකන්දා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top