නව ස්මාර්ට් ජාතික හැදුණුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පළමු අදියර යටතේ නව ජාතික ස්මාර්ට් හැදුනුම්පත වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැදුණුම්පත් අයදුම් කරන්නන්ට හා නැතිවුණු අයදුම්පත් හා සංශෝධන අයදුම්පත් අයදුම්කරුවන්ට ලබාදීමට තීරණය කර තිබේ.
දෙවන අදියර යටතේ 2018 වසරේ සිට මෙම නව ජාතික හැදුනුම්පතට ඇගිලි සලකුණ හා ඡායාරූපය ඇතුලත් ජීවමිතික දත්ත ඇතුලත් කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Add Comment