SRILANKAN NEWS

ප්‍රශ්න කිරීමක් සඳහා ශිරන්ති සහ යෝෂිත හෙට CIDයට

ශිරන්ති රාජපක්ෂ මහත්මියව සහ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව හෙට (15) තෙවන වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවමක් කර ඇති බව වාර්තාවේ.

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව ප්‍රශ්න කිරීම සඳහා මොවුන් මෙසේ කැඳවා ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

තාජුඩීන් ඝාතනයට අදාළව සිදු කළ පරීක්ෂණවලදී සිරිලිය සවිය සංවිධානයට අයත් ඩිෆෙන්ඩරයක් හමුවූ අතර ඒ පිළිබඳව සිදු කළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ එම ඩිෆෙන්ඩර හිටපු අමාත්‍ය ෆීල්කස් පෙරේරා සමාජසේයා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රතු කරුස සංවිධානය විසින් සමාජසේවා අමාත්‍යාංශයට ලැබුණු ඩිෆෙන්ඩරයක් බවය.

පසුව එය එම අමාත්‍යාංශය මගින් සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දී තිබී ඇති අතර පසුව එය යෝෂිත රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා යොදාගෙන ඇත.

එම ඩිෆෙන්ඩරය යෝෂිත රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා ලබාදුන් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරිම සඳහා මෙසේ හෙට දින ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ යෝෂිත රාජපක්ෂ මහතාව කැඳවා තිබේ.

එම ඩිෆෙන්ඩරයේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවත්, වරින් වර එහි වර්ණය වෙනස් කර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වුනැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී මොවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණද ඔවුන් විවිධ හේතු දක්වමින් එය මගහැරියේ ය.