ජනපති සමඟ එක්වී රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට සූදානම් – විජිත් විජයමුණි සොයිසා

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වී ජනතාව හා රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට සූදානම් බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමීන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ජනතා පරමාර්ථ ඉටුකිරීමට මේ රජය බලයට පත්වූ බවත් එය ඉටුකිරීමට සියලු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top