ඉන්දියාවේ 70 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් සංස්කෘතික ප්‍රසංගයක්

70 වන ඉන්දියානු නිදහස් දින සැමරුම නිමිත්තෙන් පවත්වනු ලැබූ සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ (15) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

ඉන්දියාවේ සුප්‍රකට සංගීතඥයෙකු වන බ්‍රිකම් ගෝෂ් මහතා එහි සංගීතය මෙහෙයවූ අතර එම සංගීත කණ්ඩායම වෙත තිළිණ පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ද ඉන්දියානු මහා කොමසාරිස්වරයා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top