SRILANKAN NEWS

රටක පැවැත්ම රඳා පවතින්නේ එම රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත්ද යන කාරණය මතයි – අනුර දිසානායක

ඕනෑම රටක පැවැත්ම රඳා පවතින්නේ එම රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත්ද යන කාරණය මත බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඊයේ (15) දින රත්නපුර ප්‍රදේශයේ පැවැති ‘ගමට දිරියක් රටට සවියක්’ යන තේමාව යටතේ ජවිපෙ දිරිය පුරවැසි සමිති සමුළුවට සහභාගිවෙමින් අනුර දිසානායක මහතා මේ බව පවසා තිබේ.

මේ වන විට අපේ රට දැවැන්ත ආර්ථිකමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඕනෑම රටක පැවැත්ම රඳා පවතින්නේ එම රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත්ද යන කාරණය මතයි. ආර්ථිකය කඩාවැටීම ආර්ථික සාධක වලට පමණක් සෘජුව බලපානවා නම් එය එතරම් අර්බුදයක් වන්නේ නැහැ. හැබැයි ආර්ථිකයේ සිදුවන කඩාවැටීමක් අනිවාර්ය ලෙස සමාජ අර්බුදයක් බවට පත්වනවා. ඒ නිසා අද අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. සමාජ අර්බුදයකට මුහුණ දී තිබෙනවා ආර්ථික සමාජ අර්බුදය අනිවාර්ය ලෙස පත්වන දේශපාලන අර්බුදයක් බවට පත් වනවා .අද මේ සිදුවෙමින් පවතින්නේ එය බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.