ඉන්දිය විදේශ කටයුතු ලේකම් දිවයිනට

jaishankar ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ ලේකම් එස්. ජයිශන්කර් මහතා ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින් පිරිසක් ලබන සතියදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තාවේ.

මෙරට තුළ නව ආයෝජන කටයුතු සහ වෙළද කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට හා දෙරට අතර ආර්ථික සම්බන්‍ධකම් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඔහු දිවයිනට පැමිණීමට නියමිත බව පැවැසේ.

ශ්‍රී ලංකාව තුල චීනයේ ආධිපත්තියට සමගාමීව ඉන්දියාව ද ශ්‍රී ලංකාව තුල සිය ආර්ථික වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවට කොළඹ ආරංචි මාර්ග සඳහන් කරයි. මෑතකදී චීන රජය ශ්‍රී ලංකාව තුල දැවැන්ත ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීමත් සමඟම ඉන්දියාව ද ආයෝජන කිරීමට වැඩි උනන්දුවක් දක්වන බවට පෙන්වාදී තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top