ගොවිජන සේවා නිලධාරිවරයාට පහරදීමට ගත් උත්සහයට විරෝධය පළ කරයි..

පසුගිය 11 වනදා කිලිනොච්චිය උරුද්‍රපුරම් ගොවි ජන සේවා නිලධාරිවරයාට ඇතම් පිරිසක් විසින් පහරදීමට තැත් කිරීමට හෙළා දැක අද (17) දින කිලිනොච්චියේදී විරෝධතාවක් පවත්වා තිබේ.

පසුගිය 11වනදා උරුද්‍රපුරම් ප්‍රදේශයේ ටෙන්ඩ් කැඳවූ වැවේ ඇතම් පිරිසක් ධීවර කටයුතුවලට බාධා කරමින් සිටියදී එහි පැමිණි ගොවිජන සේවා නිලධාරිවරයාටද පහරදීමට උත්සහ කිරීම, ඔහුගේ යතුරු පැදියට අලාභ හානි සිදුකිරීම, රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්‍ධයෙන් පොලිසියට පැමිණිළි කර තිබේ.

තවද අද දින පෙරවරු 9ට පමණ කිලිනොච්චිය ගොවිජන සේවා සහකාර කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිට දිස්ත්‍රික්ක ගොවිජන සංවර්ධන නිලධාරින් සහ ප්‍රදේශයේ ගොවි ජනතාව ද එක්වී විරෝධතාවක් පැවැත්වූ අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත සන්දේශයක් ද භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top