ජගත් මානව හිමිකම් කොමිසමේ නියෝජිතවරයා අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවෙයි..

ජිනීවා නුවර සිට පැමිණි එක්සත් ජාතීන් මානව හිමිකම් කොමිසමේ නියෝජිතයෙකු වන තෝමස් මහතා සහ ශ්‍රී ලංකාවේ යු.එන්.එච්.සි.ආර්. ආයතනයේ නියෝජිතවරයා අද (17) දින කිලිනොච්චියේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවී සාකච්ඡා කර තිබේ.

අදට දින 179ක කාලයක් කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවී සාකච්ඡා කර තිබේ. අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ තත්වය ගැන විමසා දැනගත් එම නියෝජිතයන් එය ගැන අවධානය යොමු කරන බවද පවසා තිබේ.

මේ අතර, ඉකුත් හමුවෙන් අනතුරුව ඔවුන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීම ද ප්‍රතික්‍ෂේප කළෝය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top