මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ දිනයෙහි වෙනසක්

සියලුම මුස්ලිම් පාසල් වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීමේ දිනය හා තෙවන වාරය ආරම්භ කිරීමේ දිනය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

දිවයිනේ සියලුම මුස්ලිම් පාසල්වලට දෙවන පාසල් වාරයේ අදියර දෙකක් යටතේ නිවාඩු ලබාදීම සිදුවන අතර එහි පළමු අදියර 2017.05.27 සිට 2017.06.27  දක්වා නිවාඩු ලබා දී තිබුණි.

එහි දෙවන අදියර සඳහා (හෙට) 2017.08.18 සිට 2017.08.27 වන දින දක්වා නිවාඩු ලබා දීමට නියමිතව තිබුණි. නමුත් සැප්තැම්බර් මස 01 වනදාට යෙදෙන හජ්ජි උත්සවය හේතුවෙන් එම නිවාඩු දිනයන්හි සංශෝධනයක්  සිදුකර ඇත.

 “ඒ අනුව සියලු ම මුස්ලිම් පාසල්වලට දෙවන පාසල් වාරයේ දෙවන අදියර සඳහා හෙට සිට ලබා දීමට තිබූ නිවාඩුව අවලංගු වන අතර ඒ වෙනුවට 2017.08.31 සිට 2017.09.08 දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරය, 2017.09.11 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top