SRILANKAN NEWS

සුළු ජාතිකයන්ව හමුදාවට බඳවා ගත යුතුයි – රීටා අයිසැක්

rita-met-tnaසුළු ජාතිකයන්ව හමුදාවට බඳවාගත යුතු යැයි සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන රීටා අයිසැක් මහත්මිය පවසයි.

මෙරට සංචාරයක නිරතව සිටින සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන රීටා අයිසැක් මහත්මිය ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධාන නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු නියෝජිතයන් මුණගැසී සාකච්ඡා කරන ලදී.

ආරක්‍ෂ අංශවල සුළු ජාතිකයන්ද බඳවා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ආරක්‍ෂ අංශවල සුළු ජාතිකයන් නියෝජනය නොකිරීම සුළු ජාතිකයන් මුහුණ දෙන විශාල ප්‍රශ්ණයක් බව ද ඇය පෙන්වාදී තිබේ.

මේ අතර, සුළු ජාතිකයන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්ණවලට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විසඳුමක් ලබාදිය යුතු බවත්, සියළු ජාතීන් පිළිගත හැකි අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතු බව සම්බන්‍ධන් මහතා එහිදී පවසා තිබේ.

– Global Tamil News : Sinhala