යාපනයේ මියගිය ඉන්දිය හමුදා සෙබළුන්ව සිහිපත් කෙරේ..

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ දකුණු ආසියාව සඳහා වූ ආඥාපති ඇතුළු ආරක්‍ෂක නිලධාරින් කණ්ඩායම අද (19) දින යාපනයට පැමිණ, යාපනය කෝප්පායි ප්‍රදේශයේ පිහිටි ඉන්දිය හමුදා ස්මාරකය අභියසදී ගෞරවය පුද කළෝය.

ඉන්දිය සාම හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි කාල වකවානුවේදී රාජ මාර්ගයේ පිහිටි තෝට්ටවෙලි ප්‍රදේශයේදී 1987-10-18 දින කොටි සංවිධානය හා ඉන්දිය හමුදාව අතර පැවැති සටනකදී ඉන්දිය හමුදා සෙබළුන් පස් දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලැබූහ. එහිදී ඉන්දිය හමුදාවට අයත් ආයුධ තොගයක්ද කොටි සංවිධානය විසින් අත්පත්කරගෙන තිබුණි.

එම ගැටුමෙන් මියගිය ඉන්දිය හමුදා සෙබළුන්ව වෙනුවෙන් එම ස්ථානයේදීම ස්මාරක ඉදිකර තිබුණි. අදාළ ඉඩම පුද්ගලික ඉඩමකි. එමෙන් පසුගිය දින කිහිපයකට පෙර එම ඉඩමේ අයිතිකරුව හමුවූ ශ්‍රී ලංකා හමුදාව, ඉන්දිය හමුදා නිළධාරින් යාපනයට පැමිණීමට නියමිත හෙයින් එම ස්ථානය අලුත්වැඩියා කිරීම සඳහා අවසර ලබාගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top