සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයන් 62ක් අතුරුදන්වී අදට වසර 27යි!

මඩකළපුව සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයන් 62 දෙනෙකු අතුරුදන් කර වසර 27ක් අවසන්වීම අද සෙනසුරාදා දින සිහිපත් කෙරුණි. 1990 වසරේදී දිගින් දිගටම වැටලීමේ මෙහෙයුම් සිදු කළ අතර, අගෝස්තු මස පළමු වනදා සිට 30වනදා දක්වා වූ කාලය තුළ හදිසි වැටලීම් රැසක් සිදුකළ ශ්‍රී ලංකා හමුදාව, කඳවුරුවල අවතැන්ව සිටි තරුණ තරුණියන් 62 දෙනෙකුව අත්අඩංගුවට ගෙන වාහනවලින් රැගෙන ගොස් තිබුණි.

එලෙස රැගෙන ගිය පිරිස මුරක්කොට්ටාන්චේනයි හමුදා කඳවුරට ගෙන යෑමෙන් අනතුරුව අතුරුදන් කෙරුණි. ඔවුන් අතුරුදන්වී අදට වසර 27ක් අවසන්වී තිබේ.

මෙවැනි තත්වයකදී අද දින සිහිපත් කිරීමේ අයුරින් නැගෙනහිර පළාත් කෘෂිකර්ම ඇමැති ක්‍රිෂ්ණපිල්ලේ තුරයිරාජාසිංගම් මහතා, අතුරුදන්වූවන්ගේ ඥාතීන්, කෝවිල්වල පූජකවරුන්, සමාජ සංවිධාන හා සිත්තාන්ඩි ප්‍රදේශවාසීන්ද එක්ව නීතිමය සාධාරණයක් ඉල්ලා කෝවිල ඉදිරිපිට පූජා කටයුතු සමග සිහිපත් කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top