ඇයි දෙමළ ජනතාව ප්‍රබාකරන්ට ආදරය කළේ දැයි තේරෙන්නේ නැහැ – එරික් සොල්හෙයිම්

දෙමළ ජනතාව කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රබාකරන්ට ආදරය කළේ ඇයි දැයි තමන් නොදන්නා බව නෝර්වේහි හිටපු අමාත්‍ය එරික් සොල්හෙයිම් පවසා තිබේ. ප්‍රබාකරන්ව දෙමළ ජනතාව දෙවියෙකු, මැවුම්කරුවෙකු, ගැලවුම්කරුවෙකු ලෙස හැඳින්වුයේ ඇයි කියා තමන්ට අවබෝධ කර ගැනීමට නොහැකිවූ බව ඔහු පවසා තිබේ.

ලොව කිසිඳු විදේශිකයන්ට වඩා තමන් අවස්ථා ගණනාවක් ප්‍රබාකරන්ව හමුවූ බවත්, ප්‍රබාකරන් සමග වැඩි කාලයක් ගත කර ඔහුට බලපෑම් කිරීමට නොහැකිවීම ගැන තමන් කණගාටුවට පත්වන බවද සොල්හෙයිම් පවසා තිබේ.

කොටි සංවිධානයේ ශ්‍රේෂ්ට නායකයන් භාරවීමට කැමැත්ත පළ කිරීම ගැන නොර්වේ රජය බැසිල් රාජපක්‍ෂට දැනුම් දුන් බවද හෙතෙම පවසා තිබේ.

ප්‍රබාකරන්, පුලිදේවන්, නඩේසන් යන පිරිස ඝාතනයට පත්වුයේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්, කෙසේ නමුත් 12 හැවිරිදි බාලචන්ද්‍රන්ව ඝාතනය කළේ හමුදාව විය හැකි බවද සොල්හෙයිම් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top