පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (20) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 ක විභාගය පැවැත්වෙන අතර අයදුම්කරුවන් 356,728ක් පෙනී සිටින ඉන් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් වෙති.

I ප්‍ර‍ශ්න පත්‍රය පෙ.ව.9.30 සිට පෙ.ව.10.15 දක්වා විනාඩි 45 ක කාලයක් පැවැත් වෙන අතර II ප්‍ර‍ශ්න පත්‍රය පෙ.ව. 10.45 සිට මධ්‍යහ්න 12 දක්වා පැය 01කුත් විනාඩි 15 ක කාලයක් පැවැත්වේ. පෙ.ව. 09.00 වන විට විභාග අපේක්ෂකයින් ශාලාවල අසුන් ගත යුතු බවට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බැවින් කල්වේලා ඇතුව විභාග මධ්‍යස්ථාකයට පැමිණිය යුතුය.

විභාග පරිපාලනය සඳහා 28,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර විභාග අධීක්ෂණ කටයුතු සඳහා පැය 24 පුරා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළත් විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

මේ අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසුත් ශිෂ්‍යත්ව ප්‍ර‍ශ්නපත්‍ර‍ය රහස්‍ය ලේඛනයක් බැවින් එම ප්‍ර‍ශ්න පත්‍ර‍ළඟ තබාගැනීම, පිටපත් කිරීම, ඡායා පිටපත් ළඟතබා ගැනීම, විකිණීම, මුද්‍ර‍ණය කිරීම, පුවත්පත්වල හා වාර සඟරාවල මුද්‍ර‍ය කර ප්‍ර‍සිද්ධ කිරීම හා වෙනත් කුමන හෝ ආකාරයකට ප්‍ර‍සිද්ධ කිරීම සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top