යාපනය දිස්ත්‍රික්ක නීතිඥවරු වැඩ වර්ජනයක

jaffna-court යාපනය අධිකරණයයාපනය දිස්ත්‍රික්ක නීතිඥවරු අද (20) දින වැඩ වර්ජනයක නිරතවීමෙන් දිස්ත්‍රික්කයේ අධිකරණ කටයුතු සියල්ල අඩලවී තිබේ.

මෙම වැඩ වර්ජනයට නීතීඥවරුන් සිය ගණනක් සභාගිවීමෙන් අද දින විභාග කිරීමට නියමිත තිබූ නඩු සියල්ල කල් තැබීමට සිදුව ඇති බව වාර්තාවේ.

යාපනය මහධිකරණ විනිසුරු ඉලන්චෙලියන් සහ කිලිනොච්චිය මහේස්ත්‍රාත් ආනන්දරාජා සම්බන්ධයෙන් අපහාසාත්මක අසත්‍ය ප්‍රචාරයක් වෙබ් අඩවි ඔස්සේ පළ කිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් නීතීඥ සංගමය පවසයි.

ඉකුත් වෙබ් අඩවියේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් සම්බන්‍ධයෙන්, කිලිනොච්චිය විනිසුරු, යාපනය බන්‍ධනාගාරයේ කටයුතු කරන නිළධාරිවරයකු සම්බන්‍ධ කරද, යාපනය මහධිකරණ විනිසුරු සම්බන්‍ධයෙන් ද අපහාසාත්මක ලෙස අසත්‍ය තොරතුරු පළකර තිබේ. මෙවැනි වෙබ් අඩවි තහනම් කිරීමේ අයුරින් රජය විසින් නීති පනත් ක්‍රියාත්මක කළ යුතු බවත්, අසත්‍ය පුවත් පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තුරු මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් නීතීඥ සංගමය පවසයි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top