පළමු එක්දින තරගය කඩුලු නවයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්වෙයි..

ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින තරගය කඩුලු 09න් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 02කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 216කි.

ඒ අනුව ලකුණු 217 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 28යි පන්දු 05කදී එම ඉලක්කය ජය ගන්නා ලදී.

ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ශිකර් ධාවන් නොදැවී ලකුණු 132ක් රැස් කළ අතර නායක විරාත් කෝලි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82කි.

තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේ පන්දු 90 කදී නොදැවී ලකුණු 132ක් රැස් කළ ශිකර් ධාවන්ය. ඒ අනුව තරග 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 01ට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top