ටෙනිස්වරන්ගේ පක්‍ෂ සාමාජිකත්වය මාස හයකට අත්හිටුවීමට තීරණය කරයි..

පක්ෂයේ තීරණයට පිටුපා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතාට එරෙහිව කටයුතු කළ උතුරු පළාත් ප‍්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍ය පි. ඩෙනිශ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයකට අත්හිටුවීමට පක්ෂය තීරණය කළ බව ටෙලෝ පක්ෂ ලේකම් එස්.ශ‍්‍රීකාන්ත පවසා තිබේ.

ඊයේ (20) රාත‍්‍රියේ වව්නියාව පිහිටි ටෙලෝ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදි මෙම තීරණය ගෙන තිබේ.

ඉදිරියේදී ඩෙනිශ්වරන් වෙත විනය පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණය ගන්නා තෙක් තාවකාලිකව පළාත් අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top