නීති විරෝධි ලෙස ඉන්දියාවට රත්‍රං ගෙන යෑමට තැත් කළ සිව් දෙනෙකු අත්අඩංගුවට

මෙරට සිට ඉන්දියාවට නීති විරෝධි ලෙස රත්‍රං තොගයක් ගෙන යෑමට තැත් කළ සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) දින කටුනායක ගුවන් තොටුපොල රේගුව කළ පරීක්ෂාවකදී එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එහිදී තිදෙනෙකු ශ්‍රී ලාංකිකයන් වන අතර, තවත් එක් පුද්ගලයෙකු ඉන්දිය ජාතිකයෙකු බව වාර්තාවේ.

මොවුන් ළඟ තිබූ රත්‍රංවල වටිනාකම රුපියල් 21 ලක්‍ෂ 32 දාහක් පමණ වන බව සඳහන් වේත සැකකරුවන් රුපියල් දස දහස බැගින් වූ දඩ නියම කිරීමෙන් පසු මුදා හැරින බව රේගු දෙපාර්තුමෙන්තුව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top