SRILANKAN NEWS VIDEO

නව අධිකරණ ඇමැති ජයම්පති වික්‍රමරත්න ද ?

ශ්‍රී ලංකාවේ නව අධිකරණ ඇමැති ලෙස ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතාව පත්කරනු ඇතැයි පැවැසේ. වත්මන් අධිකරණ ඇමැති ඉල්ලා අස්වීමෙන් පසු ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතාව එම ධූරයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතාව නව අමාත්‍යවරයා ලෙස පත්කිරීමට යෝජනා කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා සුළු ජාතින් වෙනුවෙන් ද පෙනී සිටින පුද්ගලයෙකු වන අතර, ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු බවත්, ෆෙඩරල් විසඳුම සිංහල නායකයන් විසින් ඉදිරිපත් කළ විසඳුමක් බවද පවසා තිබේ.

පසුගිය වසරේ ග්ලෝබල් දෙමළ පුවත් සේවයේ නඩරාජා ගුරුබරන් සමග ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා කළ සම්මුඛ සාකච්ඡාව පහත සඳහන් වේ…