පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්කර ජයරත්නට ඇප

හිටපු පළාත් සභා, පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්කර ජයරත්න මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ ඔහු විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස සිටියදී නීත්‍යානූකූල නොවන ලෙස ගුවන් සේවා සංවර්ධන සැලසුම් සංවර්ධන නිලධාරී නමින් අලුතින් තනතුරක් ඇති කර ඊට ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු පත් කිරීමට ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම යන චෝදනාව යටතේ අල්ලස් කොමිසම මඟින් පවරා ඇති නඩුවට අදාළව අද (21)  අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ දීය.

එම පෞද්ගලික ලේකම්වරයාද අද අධිකරණයට ඉදිරිපත්ව ඇති අතර ඔවුන් දෙදෙනාටම එක් අයෙකුට රුපියල් 75,000 බැගින් මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික කේ. රාගල මහතා විසින් නියෝග කරනු ලැබ ඇත.

සැකකරුවන්ට එරෙහි චෝදනා කියවාදීම සඳහා එම නඩුව යළි ලබන සැප්තැම්බර් මස 25 වනදා කැඳවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top