SRILANKAN NEWS

ප්‍රදේශ කිහිපයක සිඳුවූ රිය අනතුරුවලින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රධාන මාර්ගයේ ආන්දකුලම ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේ දී මාර්ගය අසල සිටි පුද්ගලයෙකු ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත්වී තිබේ. අනතුර සිදුකළ බස් රථය පළා ගොස් තිබූ අතර අසල වෙළෙඳසලක සී සී ටීවී දර්ශන උපයෝගී කරගනිමින් පොලීසිය සිදුකළ පරීක්‍ෂණවල දී බස් රථය සහ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මිය ගොස් තිබේ.

මින්නේරිය ජාතික උද්‍යානය අසල දී යතුරුපැදිකරුවෙකු යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ගමන් ගත් ‍මෝටර් රථයක ගැටී විසිවී ගොස් අනෙක් පසින් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් සිඳුවූ අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මේ අතර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය විසින් ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.