SRILANKAN NEWS

මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමෙන්තුව තුළ පරිගණක පද්ධතියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු ඵලදායී ලෙස පවත්වාගැනීම සඳහා පාර්ලිමේන්තු සභාගර්භයේ මන්ත්‍රීවරුන් සඳහා පරිගණක පද්ධතියක් ස්ථාපිත කෙරේ.

කතානායක කරු ජයසූරිය මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය. ඒ අනුව පාර්ලිමේන්තු කාර්යයන් ඵලදායි ලෙස සිදු කිරීමට හැකි වන බව කතානායකවරයා පැවසි ය.

පරිගණක පද්ධතිය සඳහා අන්තර්ජාල පහසුකම් ද ඇතුළත් වේ. කිසිදු මහජන මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය නොවූ බවත් චීන පාර්ලිමේන්තුවෙන් ලැබුණු පරිත්‍යාගයක් බවත් කතානයකවරයා සදහන් කළේය.

මෙම පරිගණක පද්ධතිය හරහා ව්‍යවස්ථදායක කටයුත්, අන්තර්ජාල පහසුකම්, විද්‍යුත් තැපෑල, මන්ත්‍රීවරුන්ට දැනගත යුතු පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය ඇතුළු පහසුකම් රැසක් සපයනු ඇත.