සුවිස්කුමාර් පැන යෑමේ නඩුව – මාවයි සේනාදිරාජාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝග

යාපනයේ විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුවිස්කුමාර් පලා යෑම සම්බන්‍ධ නඩුවට මාවයි සේනාදිරාජා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නැයි ඌකාවට්තුරයි අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව ඌර්කාවටිතුරයි මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් මහතා ඉදිරියේ අද දින විභාග කෙරුණි. එහිදී සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් මුදාහැරීමේ චෝදනාව මත සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී තමිලරසු පක්‍ෂ නායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 04 වැනි දා කෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ද නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top