නියඟයෙන් පීඩාවට ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට රජයෙන් බිලියන 1.5ක්

නියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 1.5 ක මුදලක් මේ වන විට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බව වාර්තාවේ.

එම මුදලින් රුපියල් බිලියන 1.43 ක ප‍්‍රතිපාදන දැනටමත් ආදළ කටයුතු සඳහා යොදවා තිබෙන අතර පුත්තලම, කුරුණෑගල, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවට වියළි ආහාර සලාක නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

මේ වන විට පවතින නියඟ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 15 ක පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 500,000 ක බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top