උඩවලව ජලාශ වේල්ල පුපුරා යාමේ අවධානමක්

උඩවලව ජලාශ වේල්ලේ පිහිටි පිටවාන දොරටු සම්බන්ධ කෙරෙන පාලම මතින් බරවාහන ධාවනය කිරීම නිසා එම වේල්ල පුපුරා යාමේ අවධානමක් මතුව ඇති බව වාර්තාවේ.

පාලම මතින් බර වාහන ධාවනය කිරීම නිසා එම පාලමට සවිකර ඇති කුළුණු දැනටමත් පුපුරාගොස් ඇති බවත්, මෙහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර කිලෝමීටර් හතරක් දක්වා දුරට මෙම වේල්ල කම්බි වැටකින් ආවරණය කිරීමට සහ වේල්ලේ කාන්දු හඳුනාගැනීමට මිනුම් උපකරණ සවි කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සිදු කරන බවද පැවැසේ.

මේ කුමන අලුවැඩියා කිරීම් සිදුකළත් වේල්ල මතින් බරවාහන ගමන් කිරීම නතර කරන තෙක් වේල්ලේ අනතුරුදායක තත්ත්වය පවතින බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top