දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උතුරු පළාත් සභාව තුළ උද්ඝෝෂණයක්!

දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර උතුරු පළාත් සභාව තුළ අද (24) දින සංකේත උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

එහිදී උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්, දේශපාලන සිරකරුවන්ව නිදහස් කළ යුතු යැයි ජනපතිගෙන් ඉල්ලා සිටි අතර, සභාව තුළ උද්ඝෝෂණයක් පැවැත්වීමට සභාපතිගෙන් අවසරයද ඉල්ලා සිටියේය.

සභාපතිවරයා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට උද්ඝෝෂණයක නිරතවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top