රටතුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්

රටතුළ මත්පෙති සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශවල මෙහෙයවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අළෙවිකිරීම සහ මෙරටට රැගෙන ඒම පිළිබඳ නීති කෙතරම් ශක්තිමත් කර තිබුණ ද, දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල මත්කුඩු සහ මත්පෙති ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බව වාර්තා වී ඇති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ වඩා තදින් ක්‍රියාත්මක කිරීමටත් මේ සඳහා විදේශ රටවල සහයෝගය ලබාගනිමින් කටයුතු කිරීමට ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top