යුද්ධ හමුදාධිපති විසින් රතු කුරුස ප්‍රධානීහට පශ්චාත් යුද සමයේ ප්‍රගතිය පැහැදිලි කරයි

ජාත්‍යන්තර රතු කුරුස කම්ටුවේ (ICRC) ශ්‍රී ලංකා ප්‍රධානී ක්ලෙයාර් මේට්රොඩ් මහත්මිය සඳුදා (21) දින පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය ප්‍රධානී සමඟ පැමිණි මේට්රොඩ් මහත්මිය යුද්ධ හමුදාවේ වර්තමාන කර්යභාර්ය සහ යුද්ධ හමුදාවත් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවත් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයත් අතර පවතින සහයෝගිතාවය පිළිබඳව උතුරු නැගෙනහිර ප්‍රදේශයන් වෙත විශේෂ අවධානයක් යොමු කරමින්යුද්ධ හමුදාධිපතිවරයා සමඟ කෙටි සාකච්ඡාවක් පැවැත්විය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කරුස කම්ටුවේ නියෝජිත පිරිස සමඟ පැවති නිල හමුවේ දී දෙපාර්ශවය අතර සහයෝගය හා අනනෝන්‍ය අවබෝධය සංකේතවත් කරමින් සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

army.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top