නීති විරෝධී කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පුත්තලම නගරයේ කුළියට ගත් සුවිසල් නිවසක් තුළ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමේදී මුල්ලිම්පුර ප්‍රදේශයේ නිවසක් තුළ නීති විරෝධිව පවත්වාගෙන ගිය මෙම කසිප්පු ස්කාගාරය සොයා ගෙන තිබේ.

එහි තිබූ ගෝඩා ග්රෑම් දහනව දහසක්, නිෂ්පාදනය කළ මත්පැන් බෝතල් 100කට ආසන්න සංඛ්‍යාවක් සහ මත්පැන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top