SPORTS

ඩිවිලියර්ස් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වයෙන් ඉවත් වෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකත්වයෙන් ඒ.බි.ඩිවිලියර්ස් ඉවත් වී තිබේ.

ඩිවිලියර්ස් දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස වසර 06ක කාලයක් කටයුතු කළේය. නායකත්වයෙන් ඉවත් වුව ද 20/20 එක්දින සහ ටෙස්ට් යන සියලු තරඟ සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් තමා ක්‍රිඩා කරන බව ඩිවිලියර්ස් පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ .

මේවන විට 33 වන වියේ පසුවන ඒ.බි.ඩිවිලියර්ස් 2005 වසරේ දී සිය පළමු ජාත්‍යන්තර එක්දින තරඟයට සහභාගී වු අතර මේ දක්වා ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරඟ 222කට සහභාගී වී තිබේ.